පාපන්දු ලෝක කුසලානයේ මෙරට වෙලාවෙන් අද අළුයම පැවති අවසාන 32 වටයේ තරග ජය ගනිමින් බෙල්ජියම හා ඇමරිකා එක්සත් ජනපදය මීලඟ වටය සඳහා සුදුසුකම් ලබාගනිමින්.
බෙල්ජියම හා සෙනගල් රාජ්‍යය අතර පැවති තරගය ගෝල 3-2ක් වශයෙන් ජයගැනීමට බෙල්ජියම සමත් වුණා. සෙනගාල් වෙනුවෙන් පළමු අර්ධයේ 25 වන විනාඩියේදී හබීබ් ඩයරා ගෝලයක් වාර්තා කල අතර දෙවන අර්ධයේ 51වන විනාඩියේදී ඉස්මයිලා සාර් තවත් ගෝලයක් වාර්තා කළා.
නැවතත් තරගයට අවතීර්ණ වෙමින් බෙල්ජියම වෙනුවෙන් 86 වන විනාඩියේදී රොමෙලු ලුකාකු ගෝලයක් ලබාගත් අතර 89 වන විනාඩියේදී යූරි ටියලමාන් තවත් ගෝලයක් ලබාගෙන තරගය සම තත්වයට ගෙන ආවා.
විනාඩි 90න් පසු ලබාදුන් අමතර විනාඩි 30ත් ඉක්මවා ලබාදුන් අවසන් විනාඩි 5 කාලසීමාවේදී ජයග්‍රාහී ගෝලය ලබාගැනීමට නැවතත් ටියෙලමාන් සමත් වුණා.
ඒ අනුව බෙල්ජියම ගෝල 3-2ක් ලෙස තරගය ජයෙගෙන අවසන් 16 වටයට සුදුසුකම් ලැබූවා.
මීළඟ තරගය පැවැත්වුණේ ඇමරිකා එක්සත් ජනපදය හා බොස්නියාව අතරයි. එම තරගය ගෝල 2-0ක් ලෙස ජයගත්තේ ඇමරිකාවයි.
ඇමරිකාව වෙනුවෙන් 45 වන විනාඩියේදී ෆොලරින් බලොගන් ගෝලයක් ලබාගත් අතර 82 වන විනාඩියේදී මලික් ටිල්මාන් තවත් ගෝලයක් වාර්තා කළා.
බොස්නියාවට කිසිදු ගෝලයක් හිමි නොවූ අතර ඇමරිකා එක්සත් ජනපදය මීලඟ වටයට සුදුසුකම් ලැබුවා.