එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය ජයගැනීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ලබන 08 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ සියලු තරග රූපවාහිනියේ අයි නාලිකාවෙන් විකාශය කෙරෙනවා.
පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩ් රෝයල්ස් කන්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 06 ක් දැවී ලකුණු 194 ක් රැස්කළා.
වැඩිම ලකුණුලාභියා වූ ලහිරු උදාර ලකුණු 51 යි. වනිදු හසරංග සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29 බැගින් රැස්කලා. පන්දු යැවීමේදී ෆසාල්හක් ෆාරුකී කඩුලු 2 ක් දවාගත්තා.
පිළිතුරු ලෙස දඹුල්ල සික්සර්ස් කන්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 151 ක්. සහීබ් සාඩා ෆර්හාන් ලකුණු 74 යි.
පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගත්තා. තරගයෙන් කැන්ඩි රෝයල්ස් කන්ඩායම ජයගත්තේ ලකුණු 43 කින්.