ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාව සමග පැවති තරගය ලකුණු 75 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
තරගෙ පැවතුනේ ඩුබායි අන්තර්ජාතික ක්රිකට්් ක්‍රීඩාංගනයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 දැවී ලකුණු 124 රැස් කළා.
නිලක්ෂිකා සිල්වා ලකුණු පනහයි.
පිළිතුරු ලෙස ඉන්දුනීසියා කණ්ඩායමට පන්දු වාර 18.3 කදී සියලූ ක්‍රිඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 49 ක් පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමරිි අතපත්තු පන්දුවාර 3.3 කදී ලකුණු 5 කට කඩුලු 7 ක් දවා ගත්තා.
ඊට කඩුලු ත්‍රිත්වයක්ද ඇතුලත්.