ශ්රී ලංකා – පකිස්තාන පළමු 20-20 ක්රිකට් තරගය හෙට පැවැත්වෙනවා.
තරගයට සූදානම්වන දෙපිලේම ක්රීඩකයින් පකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී සිය පුහුණුවීම් සිදු කළා.
පකිස්තාන තරගය සංචාරය සඳහා සහභාගී වී සිටින ශ්රී ලංකා කණ්ඩායම, 20-20 තරග 3 ක්, ටෙස්ට් තරග දෙකක් සහ තුන්කොන් එක්දින තරගාවලියකට ක්රීඩා කිරීමට නියමිතයි.
පකිස්තානය සහ ශ්රී ලංකාව අතර පළමු 20-20 තරගය රාවල්පිණ්ඩිහිදී හෙට පැවැත්වෙනවා. තරගය, ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි.