ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන් කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 83කින් ජයගත් පකිස්තානය තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සමත් වුණා.
මෙම තරගයේදීත් කාසියේ වාසිය දිනූ කුසල් මෙන්ඩිස් මෙවර පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් සිය ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 215ක් ලබාගැනීමට සමත් වුණා.
පළමු තරගයේදී මෙන්ම ඊයේ තරගයේදීත් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට පකිස්තාන් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමු කඩුල්ලා සබදතාවය ලකුණු 55ක්.
මාස් සදාකත් ලකුණු පන්දු 55ට 96ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 7ක් ඇතුලත් වුණා. නායක සහීබ් සාදා ෆර්හාන් ලකුණු 73ක් ලබාගත්තා.
ශ්රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට අවතීරණය වූයේ වෙනස්කම් 3ක් සමගයි. ඒ අනුව කණ්ඩායමට බිනුර ප්රනාන්දු, චමිදු වික්රමසිංහ හා නවක ක්රීඩක සිනෙත් ජයවර්ධන ඇතුලත් කොට තිබුණා.
ඊයේ දින ශ්රී ලංකා පන්දු යවන්නන් හට සාර්ථකවීමට පාකිස්තාන් පිතිකරුවන් ඉඩහසර ලබාදුන්නේ නැහැ. පන්දු රැකීමේදී ද විශාල අඩුපාඩුකම් රැසක් පෙනෙන්නට තිබුණ අතර උඩපන්දු ද 3ක් පමණ හිලිහී ගියා.
කෙසේ වෙතත් එෂාන් මාලිංග, මහේශ් තීක්ෂණ හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී ලබාගැණීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් පමණයි.
පිතිකරණය අතින්ද ශ්රී ලංකා ක්රීඩකයන් දුර්වල ක්රීඩා විලාශයක් අනුගමනය කළ අතර කිසිදු මුල් පෙල පිතිකරුවෙක්ට ලකුණු 30 සිමාවට ලගාවීමටවත් නොහැකි වුණා.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මහේෂ් තීක්ෂණ වන අතර ඔහු ලකුණු 32ක් ලබාගත්තා. ඊට අමතරව, චමිදු වික්රමසිංහ ලකුණු 29ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 23ක් හා සිනෙත් ජයවර්ධන ලකුණු 22ක් ලබාගත්තා.
පනුද් යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් ඉම්රාන් ලකුණු 11ට කඩුලු 3ක් දවාගත් අතර සල්මාන් මිර්සා කඩුලු 2ක් දවාගත්තා.
මේ තරගය ජයගැනිමත් සමග පාකිස්තානු කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදිම තරගාවලිය ජයගැනීමට සමත් වුණේ තරග 2-0ක් ලෙසයි.