14 වන ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට යුද හමුදා කණ්ඩායම සමත්ව වුණා.
දියවන්නා ඔයේදී පැවති තරගාවලියේදී තරග ඉසව් හතෙන් රන් පදක්කම් හයක්ම දිනාගැනීමට සමත් වුණේ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්.
ඒ අනුව, තරගාවලියේ පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙහිම ශූරතාව යුද හමුදාව සතු වූ අතර, යුද හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක්ද, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක්ද දිනාගනු ලැබුවා.
කාන්තා කණ්ඩායම රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගත්තා.
තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමි වූ අතර ඔවුන් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනාගැනීමට සමත් වුණා.
ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, කාන්තා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගත් අතර, නාවික හමුදාව පිරිමි අංශයේ එක් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.