ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරගය අද මෙල්බර්න් හීදී පැවැත්වුණා.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ සියලු කඩුලු 19වන පන්දුවාරයේදී ලකුණු 125ක් ලබා සිටියදී දැවී ගියා.
වේගවත් ඉනිමක් දියත් කළ අභිෂේක් ශර්මා පන්දු 37කට ලකුණු 68ක් ලබාගත් අතර හර්ෂිත් රානා ලකුණු 35ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් කඩුලු 3ක් ලබාගත් අතර ක්ෂැවියර් බාට්ලීට් හා නේදන් එලිස් කඩුලු 2 බැගින් දවාගත්තා.
ඉන්දියාව ලබාදුන් පහසු ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 14වන පන්දුවාරයේදී කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
මිචෙල් මාෂ් පන්දු 26ට ලකුණු 46ක් ලබාගත් අතර ට්‍රැවිස් හෙඩ් පන්දු 15ට ලකුණු 28ක් ලබාගත්තා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 6 ජස්ප්‍රිත් බුම්‍රා, වරුන් චක්‍රවර්තී හා කුල්දීප් යාදව් අතර කඩුලු 2 බැගින් බෙදීගියා.
දෙරට අතර මෙම 20-20 තරගාවලියේ පළමු තරගය අයහපත් කාළගුණය නිසා අතහැර දැමුවා. ඒ අනුව මේ ජයත් සමග ඕස්ට්‍රේලියාව තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තා.
තරගයේ වීරයා ලෙස ජොස් හේසල්වුඩ් නම්කෙරුණා.