බ්‍රහස්පතින්දා, මැයි 21, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
    රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    SRH අවසන් සිව්දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 2, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, සුපිරි අට වටයේ තරගයක් ලෙස පැවති ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේදී, ඉන්දියා කණ්ඩායම කඩුලු 5 ක ජයක් හිමි කර ගනිමින්.
මේ අනුව, ලෝක කුසලාන 20-20 ක්රි‍කට් තරගාවලියේ අවසන් පූර්ව වටයට දකුණු අප්රි කාව, ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තය සුදුසුකම් ලබා අවසන්
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, ඉන්දියාවේ, කොල්කටාහිදී.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබා දුන්නා.

ඒ අනුව, ඔවුන් පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 195 ක් රැස් කළා. රොස්ටන් චේස් ලකුණු 40 යි. ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2 ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

තරගය ජයග්‍රහණය කරා ගෙන යමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සන්ජු සැම්සන් පන්දු 50 කදී නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තා. ඊට හතරේ පහර 12 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්. තිලක් වර්මා ලකුණු 27 යි.

පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ශාමර් ජෝසප් කඩුලු 2 බැගින් බිඳහෙලුවා. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ලෝක කුසලාන 20-20 තරගාවලියන්හිදී ඉන්දියාව මේ වන විට 6 වතාවක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව, ලබන 4 වැනිදා නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන්දියාව සහ එංගලන්තය ලබන 5 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරනු ඇති.

පෙර ලිපිය සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහි 20/20 තරගාවලියේ පෙරමුණ ගනියි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නිල් මහ සටනේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි -20 තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?