ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවේ අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.
ඊයේ මාධ්‍ය නිවේදනයකින් ඔවුන් මේ බව තහවුරු කර ඇති තිබෙනවා.
ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස එහි ව්‍යවස්ථාව යටතේ ඇති වගකීම් නැවත නැවතත් සහ අඛණ්ඩව උල්ලංඝනය කිරීම මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.