ඊයේ දින පැවති IPL තරග දෙකෙන් දිවා තරගය පැවැත්වුණේ කල්කටා නයිට් රයිඩර්ස් (KKR) හා ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම් අතරයි.
KKR ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් LSG කණ්ඩායම තම ඉනිම නිමා කළේ කඩුලු 3ට ලකුණු 238ක් ලබාගනිමින්.
ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභී නිකොලස් පූරන් පන්දු 36ට ලකුණු 87ක් රැස් කළා. මිචෙල් මාෂ් ලකුණු 81(48) යි.
දැඩි ප්‍රහාරයකට ලක්වූවත් KKR වෙනුවෙන් හර්ෂිත් රානා කඩුලු 2ක් ලබාගැනීමට සමත් වුණා.
දැවැන්ත ලකුණු පුවරුවක් හඹායෑමට පිටියට පිවිසි KKR පිතිකරුවන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ට ලකුණු 234ක් ලබාගත්තා.
කෙසේ වෙතත් අවසාන පන්දුවාරයේදී තරගයේ ජය තම වෙත ගැනීමට LSG කණ්ඩායම සමත් වුණා. ඒ ලකුණු 4කින්.
KKR වෙනුවෙන් නායක අජින්ක්‍යා රහානේ ලකුණු 61(35)ක්, වෙන්කටේෂ් අයියර් ලකුණු 45(29) හා රින්කු සිං ලකුණු 38(15) ලබාගත්තා.
පන්දුයැවීමේදී ආකාෂ් දීප් හා ශර්දුල් තාකූර් කඩුලු 2 බැගින් ලබාගත්තා.
තරගයේ වීරයා නිකොලස් පූරන්.