දිල්ලි කැපිටල්ස් හා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති අයි පී එල් තරගය ලකුණු 206ක් හඹායමින් කඩුලු 6ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 206ක් ලබාගත්තා.
පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් නායක ෂේයර්ස් අයියර් ලකුණු 53ක් හා මාකස් ස්ටොයිනිස් නොදැවී ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මුස්තෆිසූර් රහුමාන් කඩුලු 3ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 208ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.
සමීර් රිස්වි නොදැවී ලකුණු 58යි. කරුන් නායර් ලකුණු 44ක් ලබාගත්තා. පන්දු යැවීමේදී හර්ප්‍රීත් බ්‍රාර් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.
මේ තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අවසන් තරගයයි. ඔවුන් මෙවර තරගාවලිය අවසන් කළේ පස්වන ස්ථානයේ රැදෙමින්.