අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමි කර ගැනීමට සී සී සී කණ්ඩායම අද සමත් වුණා.
ඒ අවසන් තරගයේදී පොලිස් කණ්ඩායම ලකුණු 187 කින් පරාජය කරමින්.
අවසන් තරගය අද පැවැත්වුණේ කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් සී සී සී කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 387 ක් රැස් කලා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක නොදැවී ලකුණු 158 ක් රැස්කලා.
පන්දු 94 කදී ගොඩනැගුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත්.
නිශාන් මදුෂ්ක ලකුණු 88යි.
කමිදු මෙන්ඩිස් 59 ක් සහ සොනල් දිනූෂ ලකුණු 53 ක් රැස්කලා.
පිළිතුරු ලෙස පොලිස් කණ්ඩායමට පන්දුවාර 40.2 කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 200ක් පමණයි.
ප්‍රියමාල් පෙරේරා ලකුණු 57 යි.
පන්දු යැවීමේදී ඉනුක කරන්නාගොඩ කඩුලු 4 ක් බිද හෙලුවා