සිකුරාදා, ජූලි 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සස් පරදා කැන්ඩි රෝයල්ස් ලකුණු 43කින් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: මාර්තු 4, 2026
©Getty Images
බෙදාගන්න

2026 20/20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය කඩුලු 9කින් ජයගත් නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

නවසීලන්තයේ ආරාධනයෙන් පලමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 169ක් පමණයි. ප්‍රවේගකාරී පිතිකරනයක නියැළුණු නවසීලන්ත ආරම්භක පිතිකරුවන් පන්දුවාර 12යි පන්දු 5කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය ලබාගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙවර ලෝක කුසලානය පුරාවටම ලකුණු අතර සිටි මුල් පෙල පිතිකරුවන් හට සාර්ථකවීමට ඉඩනොදුන් නවසීලන්ත පන්දු යවන්නන් පවර් ප්ලේ පන්දුවාර වලදී ලකුණු 48ට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

මාකෝ ජැන්සන් නොදැවී ලකුණු 55ක් ලබාගත් අතර ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 34කට දැවී ගියා. තරගාවලිය පුරාවටම සාර්ථක වූ නායක ඒඩ්න් මාක්‍රම් හට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 18ක් පමණයි.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි, කෝල් මැක්කොන්කි හා රචින් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවාගත් අතර ලොකී ෆර්ගසන් හා ජිමී නීෂම් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ටිම් සයිෆර්ට් හා ෆින් ඇලන් පවර් ප්ලේ පන්දුවාර 6ට කිසිවෙකු නොදැවී ලකුණු 84ක් ලබාගත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සබඳතාවයක් ගොඩනැගුවා.

10වන පන්දුවාරයේදී පලමු කඩුල්ල ලෙස ටිම් සයිෆර්ට් ලකුණු 55ට දැවී ගිය අතර වීසයි විස්ස ලෝක කුසලානයක වේගවත්ම ශතකය වාර්තා කරමින් ෆින් ඇලන් පන්දු 33ට නොදැවී ලකුණු 100ක් ලබාගත්තා.

මෙම කඩුලු 9ක ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

පෙර ලිපිය ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
Next Article ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශය 2026 IPL තරගාවලිය විකාශය කිරීම ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 1 යි
2nd test day 2
ක්‍රිකට්

දිවා ආහාරය වන විට ඔස්ට්‍රේලියාවේ කඩුලු 2ක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉදිරි ලෝක ටෙස්ට් ශූරතා තුනෙහි අවසන් තරග සත්කාරකත්වය එංගලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?