ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සමග ඊයේ පැවති තරගය කඩුලු 3 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. තරගය පැවැත්වුණේ, විශාකා පට්නම්හිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 ඇතුළත කඩුලු 6 කට ලකුණු 232 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභීනිය වූ ශූර්නා අක්තර් නොදැවි ලකුණු 51 යි.
ශර්මින් අක්තර් ලකුණු 50 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 49 යි පන්දු 3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 235 ක් රැස් කරමින්. චෝල් ට්‍රියෝන් ලකුණු 62 යි. මෙරිසේන් කේප් ලකුණු 56 ක් ලබා ගත්තා. නාදීන් ඩී ක්ලාක් නොදැවි ලකුණු 37 යි.
මේ වන විට ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනට අනුව පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි. එහි දෙවැනි ස්ථානය එංගලන්තයටත්, තුන් වැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.