බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.
ඊයේ පැවති තුන්වැනි එක්දින තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 5 කින්.
සාජා හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි.
ඒ අනුව, ඔවුන් පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් රැස් කළා. මොහොමඩ් මහ්මදුල්ලා ලකුණු 98 ක් ලබා ගත් අතර, මෙහෙදි හසන් ලකුණු 66 යි.
පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර් සායි කඩුලු 4 යි.
පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය, පන්දුවාර 48 යි පන්දු 2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.
තම එක්දින ක්‍රිකට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කළ රහ්මනුල්ලා ගුරු බාස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 101 ක්.
අස්මතුල්ලා ඔමර් සායි නොදැවී ලකුණු 70 යි.