2025 එක්දින කාන්තා ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර ගුවාහටි හිදී පැවැත්වුණා. එම තරගය ලකුණු 125කින් ජයගෙන පළමු වතාවට එක්දින අවසන් තරගයකට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබාගැනීමට සමත් වුණා.
විශිෂ්ට පිතිකරණයක යෙදුණු දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වෝල්වාර්ඩ් පන්දු 143ට ලකුණු 169ක් ලබාගත්තා. ඇයට අමතරව ටස්මින් බ්‍රිට්ස් ලකුණු 45ක් හා මරිසන් කප් ලකුණු 42ක් ලබාගත්තා.
එංගලන්තය වෙනුවෙන් සොෆී එකල්ස්ටෝන් කඩුලු 4ක් හා ලෝරෙන් බෙල් කඩුලු 2ක් දවාගත්තා.
දැවැන්ත ලකුණු අභියෝගය හඹායෑමට පිටියට පිවිසි එංගලන්ත පිතිකරණ ලැයිස්තුවේ සියලු කඩුලු ලකුණු 194ට දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා.
එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 1කට බිඳවැටුණු අතර නැට් ශිවර් බ්‍රන්ට් (64) හා ඇලිස් කැප්සි (50) එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 107ක සබඳතාවයක් ගොඩනැගුවද තරගයේ ජයග්‍රහණය සඳහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා දක්වමින් මරිසෙන් කැප් ලකුණු 20ට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.
ඒ අනුව මෙම තරගය ලකුණු 125කින් ජයගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පළමු වරට එක්දින ලෝක කුසලානයක අවසන් තරගයකට සුදුසුකම් ලැබුවා.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ලෝරා වෝල්වාර්ට්ඩ්.