ඊයේ දින පැවති පන්ජාබ් කිංග්ස් හා මුම්බායි ඉන්ඩියන්ස් අතර අවසන් පූර්ව තරගයෙන් මුම්බායි කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව මුම්බයි පිල කඩුලු 6ට ලකුණු 203ක් ලබාගත්තා.
තිලක් වර්මා හා සූර්‍යකුමාර් යාදව් ලකුණු 44 බැගින් ලබාගත්තා.
පන්දු යැවීමේදී පන්ජාබ් පිල වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායී කඩුලු 2ක් දවාගත්තා.
ලකුණු 203ක අසීරු ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පන්ජාබ් පිතිකරුවන් කඩුලු 5ක් දැවී පන්දුවාර 19දී ලකුණු 207ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.
එහිදී විශිෂ්ට පිතිකරණයක නියැළුණු නායක ශ්‍රේයස් අයියර් නොදැවී ලකුණු 87ක් හා නෙහාල් වදේරා ලකුණු 48ක් ලබාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග එළඹෙන තුන්වනදා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග අවසන් මහා තරගයට තරග වැදීමට සුදුසුකම් ලැබුවා.
මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම තවමත් ශූරතාවයක් දිනා නොමැති වීම මෙහිදී විශේෂයි.