ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායන අතර 20-20 තරගාවලියේ දෙවන තරගය කඩුලු 5කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ඉතිහාසයේ ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවට දවාගනිමින්.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඉතාමත් දුර්වල පිතිකරණයක නියැළුණු ශ්‍රී ලංකා පිතිකරුවන් හට පන්දුවාර 17.4 දී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 80ක් පමණයි.
ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූ ලකුණු 20 ලබාගත්තේ කමිල් මිශාරයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා හා බ්‍රැඩ් එවන්ස් කඩුලු 3 බැගින් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු 5ක් දැවී පන්දුවාර 14.2 දී ජයග්‍රහණය වාර්තා කළා.
රයන් බර්ල් නොදැවී ලකුණු 20ක් හා ටෂින්ගා මුසෙකිවා නොදැවී ලකුණු 21ක් ලබාගත්තා.
සිම්බාබ්වේ කණ්ඩායමට යම් තර්ජනයක් එල්ල කරමින් දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවාගත්තා. නමුත් තරගය ජයගැනීම සඳහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.
මේ ජයග්‍රහණයත් සමග සිම්බාබ්වෙ කණ්ඩායම මෙම 20-20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්වයට පත් වූවා.
තරගයේ වීරයා සිකන්දර් රාසා.