ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය විසදුමකින් තොරව අවසන් වුණා.
ඒ ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන්. තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 258 ක් රැස් කළා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්තක ආරම්භයක් ලබා දුන්නා.
චමරි අද වාර්තා කලේ තම එක්දින ක්‍රිකට් දිවියේ 20 වැනි අර්ධ ශතකය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලබා ගත් පළමු අර්ධ ශතකය මෙයයි.
ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 101 ක් වන විට චමරි අතපත්තු ලකුණු 53 කට දැවී ගියා.
විශ්මි ගුණරත්න ලකුණු 42 යි.
හර්ශිතා සමරවික්‍රම ලකුණු 26 ක් ලබා ගත් අතර කවීෂා දිල්හාරි දැවී ගියේ ලකුණු 4 යි.
හසිනි පෙරේරා පන්දු 61 කදී ලකුණු 44 ක් රැස් කළා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 55 ක් ලබා ගත්තා.
ඇය තම එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ සිව්වැනි අර්ධ ශතකය මෙයයි.
පන්දු 26 කදී ඇය අර්ධ ශතකය පසු කළ අතර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය මෙයයි.
මේ අතර ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 258 වාර්තා වන්නේ ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉනිමක ලබා ගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
අනතුරුව ඇති වූ වර්ශාව හේතුවෙන් නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක කිරීමට හැකිවුණේ නැහැ.
ඒ අනුව තරගය තීරණයකින් තොරව අවසන් වූ අතර දෙපිළටම එක් ලකුණ බැගින් හිමිවුණා.