ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට ආරම්භ වනවා.
තරගාවලියේ, ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. ඒ, දෙපිලේ නායකයින්ගේ සහභාගීත්වයෙන්.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි