සඳුදා, ඔක්. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී

By Pradeep Gurusinghe
Published: මාර්තු 4, 2026
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ අවසන් හා තුන්වන තරගය ඊයේ සෙන්ට් ජෝර්ජ් හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියද තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළා.

මුලින් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත්තේ ලකුණු 119ක් පමණයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් චිනෙල් හෙන්රි නොදැවී ලකුණු 32ක් ලබාගත් අතර දියෙන්ද්‍රා ඩොටින් ලකුණු 28ක් හා ස්ටැෆනි ටේලර් ලකුණු 24ක් ලබාගත්තා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 16ට කඩුලු 2ක් දවාගත් අතර සුගන්ධිකා කුමාරි ලකුණු 32ට කඩුලු 2ක් දවාගත්තා. කවිශ්කා දිල්හාරි ලකුණු 13ට එක් කඩුල්ලයි.

මේ පහසු ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 17යි පන්දු 4දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ආරම්භක පිතිකරුවන් වන හසිනි පෙරේරා නොදැවී ලකුණු 52ක් හා නායක චමරි අතපත්තු ලකුණු 32ක් ලබාගත්තා. ඉමේෂා දුලානි නොදැවී ලකුණු 34යි.

මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. මේ තරගාවලියේ පළමු තරගය අයහපත් කාලගුණය නිසා අතහැර දැමීමට සිදුවුණා.

අවසන් තරගයේ වීරයා ලෙස හසිනි පෙරේරාත් තරගාවලියේ වීරයා ලෙස චමරි අතපත්තුත් නම් කෙරුණා.

පෙර ලිපිය පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් කණ්ඩායමට දඩ නියමකරයි
Next Article ලෝක කුසලාන අවසන් පූර්ව වටය අදින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පිට පිට දෙවන වරටත් ඉන්දියාව 20/20 ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 2 යි
India W
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනය අවසානයේ එංගලන්තය ලකුණු 357ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
Rohit Sharma
ක්‍රිකට්

රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?