ඉරිදා, මැයි 24, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම තරගාවලිය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහි පළමු 20/20 ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොල්කටා නයිට් රයිඩර්ස් මුම්බයි ඉන්ඩියන්ස් පරදා කඩුලු 4ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 1, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගයි.

තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස්.

අද පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දැවි ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 72 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 165 ක් පමණයි. පන්දු යැවීමේදි මැතිව් කුනේමන් කඩුලු 5 ක් දවාගත්තා.

නේතන් ලයන් කඩුලු 3 ක් බිඳහෙලු අතර මිචෙල් ස්ටක් කඩුලු 2 යි.

පසුව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 654 ට ලකුණු 489 ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඔෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න. පළමු කඩුල්ල ලෙස ඔෂද ලකුණු 6 කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ කිසිදු ලකුණක් රැස් කිරීමකින් තොරවයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 247 කට සීමා වුණා.

වැඩිම ලකුණු ලාභියා වූ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 53 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මැතිව් කුනේමන් සහ නේතන් ලයන් කඩුලු 4 බැගින් බිඳ හෙලුවා.

මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ, ඔස්ට්‍රේලියාව තම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් සිව් වැනි විශාලතම ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකාව මීට පෙර ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලැබූ විශාලතම පරාජය ලෙස සටහන්ව තිබුණේ 2012 වසරේදී ඉනිමකින් සහ ලකුණු 201 කින් හිමි කරගත් පරාජයයි.

මේ අතර, ශ්‍රී ලංකාව තම ‍ටෙස්ට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය මෙය වන අතර, මීට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ඉනිමකින් සහ ලකුණු 239 කින් පරාජය වී තිබුණා.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය සිව්වන දිනයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
Next Article Gamini Wickramapala ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

හොංකොං සික්සර්ස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශම්මි සිල්වා ඉල්ලා අස්වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේදී එංගලන්ත සංචාරයක්

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදින් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?