ශ්‍රී ලංකා කාන්තා 19 පහළ කණ්ඩායම හා සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම අතර පැවති සීමිත ඕවර තරගාවලියේ සියලු තරග ජයගැනීමට අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.
මෙම තරගාවලියට 20-20 තරග 5ක් හා එක් එක්දින තරගයක් ඇතුලත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 තරගාවලියේ පළමු තරගය ලකුණු 25කින්, දෙවන තරගය ලකුණු 29කින්, තුන්වන තරගය කඩුලු 6කින්, සිව්වන තරගය ලකුණු 9කින් හා පස්වන තරගය කඩුලු 6කින් ජයගත් අතර තරගාවලියේ එකම එක්දින තරගය ජයගත්තේ ලකුණු 180කින්.
ඒ අනුව ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ 20-20 තරගාවලිය තරග 5-0ක් ලෙසත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙසත් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.