ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක් සිදුකොට තිබෙනවා.
ඒ නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් සංචිතයෙන් ඉවත් කොට ඔස්ට්‍රේලියාවේ පැවැවෙන දේශීය තරග සඳහා ඔහුව යැවීමයි.
ආරම්භක පිතිකරුවෙක් වන කොන්ස්ටාස් ටෙස්ට් වරම් හිමිකරගත්තේ පසුගිය දා ඉන්දියාව සමග පැවති බෝඩර්-ගවස්කාර් තරගාවලියෙනුයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග තරගාවලියට කොන්ස්ටාස් නම් කරනු ලැබූවද ඔහුට පළමු තරගයේදී අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නැවතත් ට්‍රැවස් හෙඩ් ආරම්භක පිතිකරුවා ලෙස එකතු වීම නිසයි.