හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
තරගාවලිය නොවැම්බර් මස 7 වැනිදා හොංකොං හිදී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කලා.
ඊට ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුලත්.
කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ලහිරු මදුශංක.
දනංජය ලක්ශාන්, තනුක දාබරේ, නිමේශ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිදු රත්නායක සහ සචිත ජයතිලක කණ්ඩායමට ඇතුලත් සෙසු ක්‍රීඩකයින්.
මොවින් සුබසිංහ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට කැදවා තිබෙනවා.
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා අවසන් වීමට නියමිතයි.