ක්ලිෆර්ඩ් කුසලාන පිළිම්ළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් පූර්ව තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කරමින්.
තරඟය ඊයේ පැවැත්වුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී.
පළමු අර්ධය නිමා වන විට ලකුණු 15 ට 10 ක් ලෙස සී ආර් කණ්ඩායම ඉදිරියෙන් සිටියා.
නියමිත කාලය අවසන් වුණේ ලකුණු 25 ට 24 ක් ලෙස එක් ලකුණක් තියුණු ජයක් සී ආර් කණ්ඩායමට හිමි කර දෙමින්.
එම ජයග්‍රහණයත් සමග සී ආර් කණ්ඩායම තරගාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා.