අන්තර් පාසල් පිලිමලූන් පිටුදැකීමේ රග්බි තරගාවලියේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර තරඟයෙන් ශාන්ත තෝමස් විදුහල ජය ගත්තා
තරඟය පැවැත්වුණේ කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර්.fc ක්‍රීඩා පිටියේදී.
ලකුණු පනස් නමයට තිස්පහක් ලෙස තරගය ජයගැනීමට ශාන්ත තෝමස් කණ්ඩායම සමත් වුණා.
…..
මේ අතර තරගාවලියේ තවත් තරගයකින් ඉසිපතන විදුහල දැවැන්ත ජයක් හිමි කරගත්තා.
ඒ මහනුවර සුමංගල විදුහල පරාජය කරමින්.
තරගය පැවැත්වුනේ රාජකීය විද්‍යාලිය ක්‍රීඩා පිටියේදීයි.
තරගයේ ලකුණු තත්වය හැට එකට බින්දුවක් ලෙස දැක්වුණා.
….
මරදාන සහිරා විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී.
මෙහිදී ලකුණු දාසයට දොළහක් ලෙස තරඟය ජය ගැනීමට සහිරා විද්‍යාලය සමත් වුණා.
තරගයේ පළමු අර්ධයේ ලකුණු අටට බිංදුවක් ලෙස ඉදිරියෙන් සිටියේ සහිරා කණ්ඩායමයි.
……
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය පැවැත්වුණේ සී ආර් ක්‍රීඩාංගණයේදී.
ලකුණු හැට දෙකට ලකුණු පහක් ලෙස තරගය ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
තරගයේ පළමු අර්ධයේදී ලකුණු විසිදෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටියේ ත්‍රිත්ව විද්‍යාලයයි.