අන්තර් පාසල් සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ශාන්ත පීතර විද්‍යාලයට

අන්තර් පාසල් සමස්ත ලංකා වයස අවුරුදු 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.

ඒ, අවසන් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 10 ට 5 ක් ලෙස පරාජයට පත් කරමින්.

තරගාවලියේ, පලග ශූරතාව හිමි වුණේ, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට.

බදුන ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට හිමි වූ අතර, පලිහ ශූරතාව හිමි කර ගත්තේ, පාදුක්ක සිරිපියරතන විද්‍යාලයයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ තරගාවලිය පැවැත් වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී.

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *