23 වන ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශුරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් යාමට නියමිතයි.
මෙවර ශුරතාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චෙන්නාහි ජවහල්ලා නේරු ක්‍රීඩාංගණයේදීයි.
මෙවර ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 225 දෙනෙකු සහභාගි වීමට නියමිතයි.
ඊට ක්‍රීඩකයින් 129 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 96 දෙනෙකු ඇතුළත්.
වයස අවුරුදු 35 සිට 90 දක්වා, වයස් කාණ්ඩ 11 ක් යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ක්‍රීඩක ක්‍රීඩකාවන් සහභාගී වනවා.
ලබන 5 වනදා ආරම්භ වන ශුරතාවලිය දින 5 ක් පුරාවට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙවර ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා ශූරතාවලියට ආසියානු කලාපය නියෝජනය කරමින් රටවල් 22 කින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 3300 කට අධික ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතව තිබෙනවා.