ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ තම දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. ඒ, මැලේසියාවට එරෙහිවයි.
තරගාවලිය පැවැත්වෙන්නේ, තායිලන්තයේ බැංකොක් නුවරදී. තරගයේ නියමිත ඉනිම් සංඛ්‍යාව අවසන් වන විට මැලේසියාව ලකුණු 5 ක් රැස් කර ගෙන තිබුණා.
විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 16 ක්. කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලූකා ප්‍රියදර්ශනී ක්‍රීඩිකාවයි