ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ නව වාර්තාවක් පිහිටුවීමට, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.
පැරිස් ඔලිම්පික් ක්‍රීපැරිස්ඩා උලෙළේ පළමු වැනි දිනය වුණු ඊයේ දිනයේදී පිහිනුම් තරග ආරම්භ වුණා. එහිදී මීටර 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ටිට්මස් අරියාන් ක්‍රීඩිකාවයි. ඇය දැක්වූ දක්‍ෂතාව, විනාඩි 3 යි තත්පර 57 යි දශම 4 යි 9 ක්. එහි රිදී පදක්කම කැනඩාවටත්, ලෝකඩ පදක්කම අමෙරිකාවටත් හිමිවුණා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් මීටර 100 x 4 නිදහස් ආර සහය පිහිනුම් තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුණා. ඔවුන් දැක්වූ දක්‍ෂතාව විනාඩි 3 යි තත්පර 28 යි දශම 9 යි දෙකක්. එහි රිදී පදක්කම අමෙරිකාවටත්, ලෝකඩ පදක්කම චීනයටත් හිමිවුණා.

පිරිමි මීටර 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ ජර්මනියේ මාර්ටන්ස් ලූකස්. විනාඩි 3 යි තත්පර 41 යි, දශම 7 යි අටක කාලයක් තුළ ඔහු තරගය නිමා කළා. එහි රිදී පදක්කම ඔස්ට්‍රේලියාවටත් ලෝකඩ පදක්කම දකුණු කොරියාවටත් හිමිවුණා. පිරිමි මීටර 100 x 4 නිදහස් ආර සහය පිහිනුම් තරග ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත්තේ අමෙරිකානු ක්‍රීඩකයින්. ඔවුන් විනාඩි 3 යි තත්පර 9 යි දශම 2 යි 8 ක කාලයක් තුළ තරගය නිමා කළා. එහි රිදී පදක්කම ඔස්ට්‍රේලියාව හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ඉතාලියයි.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ මේ වනවිට පෙරමුණ ගන්නේ ඕස‍්ට්‍රේලියාවයි. ඔවුන් රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් දෙකක් සමගින් පදක්කම් 5 ක් හිමි කරගෙන සිටිනවා. රන් පදක්කම් දෙකක් හිමිකරගෙන සිටින චීනය පසුවන්නේ දෙවැනි ස්ථානයේ. පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය අමෙරිකාවටත් සිව්වැනි ස්ථානය ප්‍රංශයටත් හිමිව තිබෙනවා.