ඩුබායි ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමට කෙටි දුර ධාවන ශූර චමෝද් යෝධසිංහ සමත් වුණා.
තරගාවලිය පැවැත්වුණේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී.තරගාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව තරග 6 කින් සමන්විත වුණා.
ඒ සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 44 ක්. මෙහි පළමු තරගය ට සහභාගී වූ යුපුන් අබේකෝන්, එය නිමා කළේ, 5 වැනි ස්ථානයට පත් වෙමින්.
යුපුන් තරගය නිම කළ කාලය තප්පර 10.39 ක්. එහි දෙවැනි තරගය සඳහා සහභාගී වූ චමෝද් යෝධසිංහ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. ඔහු තරගය නිම කළේ, තප්පර 10 යි දශම 2 යි 7 ක කාලයක් වාර්තා කරමින්.
මීටර 100 ධාවන තරග 6 අවසානයේදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා අනුව රිදී පදක්කම හිමි කර ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වුණා. ගෝන් ප්‍රී තරගාවලියේ මීටර 100 හතර සහය පිරිමි තරගයට ද
ශ්‍රී ලංකාව සහභාගී වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ, චමෝද් යෝධසිංහ, යුපුන් අබේකෝන්, මෙරෝන් විජේසිංහ සහ දෙනෙත් වීරරත්න යන ක්‍රීඩකයින්. ඔවුන් තරගය නිමා කළේ, සිව්වැනි ස්ථානයට පත් වෙමින්.
ශ්‍රී ලංකාව ඒ සඳහා ගත කළ කාලය තප්පර 39 යි දශම 4 යි 1 ක්.