විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ තම සියවැනි තරග ජය හිමිකර ගැනීමට සර්බියානු ක්‍රීඩක නොවැක් යොකැවිච් සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ තුන්වන වටයේ තරගයකින් ජය අත්කර ගනිමින්.
7 වරකදී විම්බල්ඩන් ටෙනිස් කිරුළ හිමිකර ගත් නොවැක් යොකැවිච්, ඊයේ තරගය ජයගත්තේ සර්බියාවේම ක්‍රීඩකයෙකු වන මියෝමීර් කෙමැනොවික් පරාජය කරමින්.
මෙහිදී නොවැක් යොකැවිච් වට 3 ට 0 ක් ලෙස එම තරගය ජයගත්තා.