ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව අඛන්ඩව දෙවන වරටත් හිමිකරගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් සමත්වුණා.
ඒ අතිශය තියුණු තරගයකින් පසු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ඉතාලියේ යැනික් සිනර් පරාජය කරමින්.
තරගයේ පළමු වට දෙක ලකුණු 6ට 4ක් සහ 7 ට 6ක් ලෙස යැනික් සිනර් ජයගත්තේ කුළුදුල් ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ හිමිකරගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි.
තෙවන වටයේ සිට ඉතිරි වට තුනම තියුණු සටනකින් පසු ලකුණු 6 ට 4ක්,ලකුණු 7 ට 6ක් සහ 7 ට 6ක් ලෙස ජයගත් අල්කරාස් සමස්ත තරගය වට තුනට දෙකක් ලෙස ජයගනිමින් ශූරතාව හිමිකරගත්තා.
මෙම අවසන් මහා තරගය පැය 5 යි මිනිත්තු 29ක් ක්‍රියාත්මක වු අතර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ තරගයක් ක්‍රියාත්මක වූ දීර්ඝතම කාලය මෙයයි.
22 හැවිරිදි අල්කරාස් මේවනවිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 5ක් ජයගෙන තිබෙනවා