ආසියානු බේස්බෝල් තරගාවලියට සුදුස්සන් තේරීමේ කන්තා තරගාවලියේ ඉරානය සමග පැවති තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා බේස් බෝල් කණ්ඩායම ජාත්‍යන්තර තරගයකදී හිමි කර ගත් පළමු ජයග්‍රහණය මෙයයි.
තරගාවලිය තායිලන්තයේදී පැවැත්වෙනවා. ඒ, රටවල් 8 ක සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාව මූලික වටයේදී ඒ කාණ්ඩයෙන් තරගවදින අතර ඊට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ, ඉන්දියාව, පකිස්තානය සහ ඉරානයයි.
ශ්‍රී ලංකාව ඊයේ ඉරානය සමග පැවති තරගයෙන් ජය වාර්තා කළේ, ලකුණු 13 ට බින්දුවක් ලෙසයි.
ශ්‍රී ලංකා කාන්තා බේස් බෝල් කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වූ දෙවැනි අවස්ථාව ලෙසයි, මෙය වාර්තා වන්නේ