ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2025/26 වර්ෂයට අදාල ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් හා සහය කාර්‍යමණ්ඩලයන් 350කට රක්ෂණාවක් පිරිනැමීමට තීරණය කොට ඇත.
ඒ අනුව, 2025/26 වර්ෂයේදී තරග වදින ප්‍රධාන ක්‍රීඩා සමාජ 14ක ක්‍රීඩකයන් 280කට හා සහය සහය කාර්ය මණ්ඩලයේ 70ට මෙම රක්ෂණාවරණය පිරිනැමීමට නියමිතයි.
වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම වැඩසටහන මගින් ක්‍රීඩකයන්ගේ හා සහයක කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන මගින් පුද්ගලික අනතුරු ආවරණයක් හා වෛද්‍ය ආවරණයක් සෑම ක්‍රීඩකයෙකුටම හා සෑම සහයක කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ටම හිමිවන අතර සෑම ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයන් පස් දෙනෙකුට බරපතල රෝග සඳහා ආවරණයක්ද හිම්වේ.
