අයි එල් ටී 20 ක්‍රිකට් තරගාවලියේ ගල්ෆ් ජෑන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට සාජා වොරියර්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේ මතීෂ පතිරණ විසින්.
තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් සාජා වොරියස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 174 ක් රැස් කළා.
ටොම් ඇබෙල් ලකුණු 68 යි. පන්දු යැවීමේදී ක්‍රිස් වුඩ් කඩුලු 2 ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස ගල්ෆ් ජෑන්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 163 ක් පමණයි.
මොයින් අලී ලකුණු 45 ක් සහ අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ පන්දුවාර 4 කදී ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා.
වසීම් අක්‍රම් ලකුණු 34 කට කඩුලු 3 යි. තරගයෙන් සාජා වොරියස් කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 11 කින්.