අද කොළඹ එස්.එස්.සී පිටියදී 2026 විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වුණා. ඒ පාකිස්තානයත් නෙදර්ලන්තයත් අතර තරගයෙන්. තියුණු තරගයකින් පසුව එම තරගය කඩුලු 3කින් ජයගත්තේ පාකිස්තානය යි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමට තීරණය කළ අතර නෙදර්ලන්තය සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 147ක් පමණයි.
නායක ස්කොට් එඩ්වර්ඩ් ලකුණු 37ක් හා බස් ඩි ලීඩ ලකුණු 30ක් නෙදර්ලන්තය වෙනුවෙන් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා කඩුලු 3ක් දවාගත් අතර මොහොමඩ් නවාස්, අබ්රාර් අහමඩ් හා සයීම් අයූබ් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පවර් ප්ලේ පන්දුවාර 6 අවසානයේ දී කඩුලු 2ට ලකුණු 61ක් ලබාගත්තා.
පසුව පාකිස්තාන ඉනිමේ කඩුලු 7ක් ලකුණු 114 වන විට දැවී ගියා. 18 වන පන්දුවාරය අවසන් වන විට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 29ක් අවශ්‍යව තිබූ අතර ෆහීම් අශ්රෆ් ලබාදුන් උඩපන්දුව මැක්ස් ඕ’ඩවුඩ් අතින් ගිලිහී ගියා.
ඉන් පසුව 19 වන පන්දුවාරයට ෆහීම් අශ්රෆ් ලකුණු 24ක් ලබාගත් අතර 20වන පන්දුවාරයේදී තරගයේ ජය ලබාගත්තා.
පාකිස්තානය වෙනුවෙන් ශහීබ්සාදා ෆර්හාන් ලකුණු 47ක් ලබාගත් අතර තීරණාත්මක ඉනිමක් දියත් කළ ෆහී අශ්රෆ් පන්දු 11ට නොදැවී ලකුණු 29ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී නෙදර්ලන්තය වෙනුවෙන් ආර්යන් දත් හා පෝල් වෑන් මීකරන් කඩුලු 2 බැගින් දවාගත්තා.
ඒ අනුව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරගය පාකිස්තානය කඩුලු 3කින් ජයගත්තා.
තරගයේ වීරයා ෆහීම් අශ්රෆ්.