මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධාණයක් දිනා ගත් ඉන්දු – පාකිස්තාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගය අද පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.
මෙම තරගය නැරඹීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ද ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.
මෙම තරගය පිළිබද දෙස් විදෙස් සියලු දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණේ පකිස්ථාන කණ්ඩායම තරගය වර්ජනය කිරීමය සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග.
මෙම ගැටලුකාරීත්වය දින කිහිපයක් පැවැති අතර අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු මැදිහත්වීමෙන් තරගය සදහා පාකිස්තාන කණ්ඩායම සහභාගී කරවීම සදහා එරට රජය විසින් පකිස්‍තාන ක්‍රිකට් ආයතනයට අවසර ලබා දුන්නා.
ඉන්දු – පාකිස්තාන තරගය ඊයේ පැවැත්වුණේ අති විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන්.
මේ අතර තරගයේ ආරක්ෂාව සදහා 2500 ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබීමද විශේෂත්වයක්.
තරගය ආරම්භයට පෙර තරගාවලියේ සන්නාම තානාපති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා විසින් ශූරතා කුසලානය ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබුවා
තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.
ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කලේ ඉෂාන් කිෂන් සහ අභිශේක් ෂර්මා.
ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලේ සබධතාව එක් ලකුණකට සීමා කරමින් අභිශේක් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා.
ඉෂාන් කිෂන් පන්දු 40 කදී ලකුණු 77 ක් රැස් කලේ 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් සමග. තිලක් වර්මා ලකුණු 25 කට දැවී ගිය අතර නායක සූර්ය කුමාර් යාදේව ලකුණු 32 යි. ශිවාම් ඩුබේ ලකුණු 27 ක්රැස් කළා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවි ලකුණු 175 ක් රැස් කළා.
පන්දු යැවීමේදී සයිම් අයුබ් කඩුලු 3 යි.
පිලිතුරු ලෙස තරගය ජය ගැනීම සදහා ලකුණු 176 ක ඉලක්කයක් සමග පකිස්ථාන ඉනිම ආරම්භ කලේ සහිබ්සාඩා ෆර්හාන් සහ සයිම් අයුබ්.
පළමු කඩුල්ල ලෙස ෆර්හාන් ලකුණු නොලඹා දැවී ගිය අතර අයුබ් ලකුණු 6 යි. පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 34 කට දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උස්මාන් ඛාන් ලකුණු 44 යි.
පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 18 කදී සියලු කඩුලු දැවී ලකුණු114 ක් රැස් කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 61 කින්.