ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. මෙවර ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ඇතුළු පදක්කම් 07 ක් හිමිවුණා.
06 වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ චීනයේ සන්යා හිදි පැවැත්වුණු අතර නිපුනි වාසනා රන් පදක්කම හිමිකර ගත්තේ කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ මල්ලවපොර ඉසව්වෙන්.
ඇය අවසන් මහ තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව ලකුණු 3 ට 1 ක් ලෙස පරාජය කළා. රන් පදක්කම් ලාභී ක්‍රීඩිකාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් ,ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දුන් කබඩි කණ්ඩායම් සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට පෙර දිවයිනට පැමිණියා.