ආසියානු විසිකිරීමේ මලල ක්රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ සුමේධ රණසිංහ අද සමත්වුණා. ඒ මීටර් 76.95ක දක්ෂතාවක් දක්වමින්.
සුමේධ මෙවර තරග සමයේදී වාර්තාකළ හොඳම දක්ෂතාව මෙයයි. මෙහි රන් පදක්කම උස්බෙකිස්ථාන ක්රීඩකයෙක් දිනාගත් අතර ලෝකඩ පදක්කම දකුණු කොරියානු ක්රීඩකයෙකුට හිමිවුණා. තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.