ලෝක ශූරතා සහය දිවීමේ තරගාවලිය බොට්ස්වානා හිදී පැවැත්වෙනවා. එහි මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්ව ජයගත්තේ අමෙරිකාව විසින්.
මීටර 100 හතර සහය ධාවන ඉසව්ව ජයගත් අමෙරිකාව තරගය නිමාකලේ තත්පර 37 යි දශම 4 යි 3 කින්. එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවන ස්ථානය ජර්මනියටත් හිමිවුණා.
මීටර 100 කාන්තා සහය ධාවන ඉසව්වේ ජය ජැමෙයිකාවට හිමිවුනා. කැනඩාව එහි දෙවන ස්ථානයත්, ස්පාඤ්ඤය තෙවන ස්ථානයත් දිනාගත්තා.
මීටර සියය, හතර මිශ්‍ර සහය ධාවන ඉසව්වේ ජය ජැමෙයිකාව සතු වුනා. තත්පර 39 යි දශම 6 යි 2කින් ඔවුන් තරගය නිමාකලේ නව ලෝක වාර්තාවක් ද සමග. කැනඩාව එහි දෙවන ස්ථානය දිනාගත් අතර අමෙරිකාව තුන්වන ස්ථානයට පත්වුනා.
මීටර 400 හතර කාන්තා සහය ධාවන ඉසව්වේ ජය හිමිවුයේ නොර්වේ කණ්ඩායමට. ස්පාඤ්ඤය දෙවන ස්ථානය දිනාගත් අතර, කැනඩාව තුන්වන ස්ථානය දිනාගත්තා.
මීටර 400 හතර පිරිමි සහය ධාවන ඉසව්වේ ජය හිමිවුයේ බොට්ස්වානා කණ්ඩායමට. දකුණු අප්‍රිකාව ට එහි දෙවන ස්ථානයත් ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානයත් හිමිවුනා.