දඹුල්ල කණ්ඩායම 2026 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.
කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කලේ ධනංජය ද සිල්වායි.
චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමග පැවති අවසන් තරගය දඹුල්ල කණ්ඩායම ලකුණු 119කින් ජය ගත්තා.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 222ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටනු ලැබුවා.
පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 146ක් පමණයි.
දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 222ක් රැස් කළා.
ඒ අනුව ලකුණු 299ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 179ක් පමණයි.