ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 64 වන තරගය ඊයේ රාජස්ථාන් රෝයල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 220ක් හඹාගොස් කඩුලු 7කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 220ක් ලබාගත්තා. එහිදී මිචෙල් මාෂ් පන්දු 57ට ලකුණු 96ක් හා ජොස් ඉන්ග්ලිස් ලකුණු 60ක් ලබාගත් අතර පළමු කඩුල්ලට ලකුණු 109ක සබදතාවයක් ගොඩනැගුවා. රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් යශ් රාජ් පුන්ජා කඩුලු 2ක් හා ජොෆ්‍රා ආචර් 1 කඩුල්ලක් දවාගත්තා.
රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 19.1 කදී මෙම ලකුණු සංඛ්‍යාව හඹාගොස් කඩුලු 7කින් ජයගත් අතර වෛභව් සූර්‍යවංශි පන්දු 38ට ලකුණු 93ක් ලබාගත්තා. ඊට අමතරව ද්‍රව් ජුරෙල් නොදැවී ලකුණු 53ක් හා යසස්වී ජෛස්වාල් නොදැවී ලකුණු 43ක් ලබාගත්තා.
මේ විශිෂ්ට ජයත් සමග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නැවතත් අවසන් සිව්දෙනා අතරට පැමිණි අතර එය රැකගැනීමට ඔවුන්ට තව එක් තරගයක් ඉතිරිව ඇත. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමගයි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මේ දක්වා ඔවුන් තරග කළ තරග 13න් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණක් වන අතර ඔවුන් මේ වන විටත් තරගාවලියෙ මීළඟ වටයෙන් ඉවත් වී ඇත.
අද තරගය කොල්කටා නයිට් රයිඩර්ස් හා මුම්බයි ඉන්ඩියන්ස් අතරයි. තරගය පැවැත්වෙන්නේ ඊඩ්න් ගාඩ්න්ස් හීදී.