ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට්හි පුහුණුකරු තනතුරකට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, මෙම පත්වීම 2027 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක පුහුණු වැඩසහටන් සඳහා හෂාන් තිලකරත්න දායකත්වය ලබා දෙන බවට එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
හෂාන් තිලකරත්න මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් පිතිකරු පුහුණුකරු මෙන්ම, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා.