20 වන ආසියානු ක්‍රීඩා උලළේ ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ පාකිස්තානය හා ශ්‍රී ලංකා ව අතර පැවැත්වුණු අතර එම තරගය කඩුලු 8කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබාගත් අතර එම ලකුණු සංඛ්‍යාව කඩුලු 2ක් පමණක් දැවී 18වන පන්දුවාරයේදී හඹායෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.
පාකිස්තානය වෙනුවෙන් අයේෂා සෆර් ලකුණු 71ක් හා ශවාල් සුල්ෆිකාර් ලකුණු 54ක් ලබාගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු හා කාව්‍යා කාවින්දි එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චමරි අතපත්තු පන්දු 50ට නොදැවී ලකුණු 83ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් ඇතුලත් වුණා. ඇයට සහය වෙමින් හසිනි පෙරේරා හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින් පන්දු 26ට ලකුණු 42ක් ලබාගත්තා.
ඒ අනුව මෙම අවසන් පූර්ව තරගය කඩුලු 2කින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20වන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ. මෙම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර අද පැවැත්වීමට නියමිතයි.