බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලිය ඊයේ ආරම්භ වුණා. එම තරගය කඩුලු 8කින් ජයගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ලක්නව් හීදී යි.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 171ක් රැස් කළ අතර නායක ෂායි හෝප් ලකුණු 52ක් හා ශර්ෆේන් රදෆර්ඩ් ලකුණු 56ක් කොදෙව් ඉනිම වෙනුවෙන් ලබාගත්තා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නාමන් ධීර් කඩුලු 3ක් ලබාගත් අතර අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 4දී කඩුලු 2ක් පමනක් දැවී ලකුණු 172ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.
සිය ජාත්‍යයන්තර මංගල විස්සයි විස්ස ශතකය ලබාගත් ශ්‍රේයස් අයියර් පන්දු 43ට ලකුණු 102ක් ලබාගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් හා හයේ පහර 6ක් ඇතුලත් වුණා. ඔහුට සහය වූ ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 37ක් ලබාගත්තා.
ඒ අනුව තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය කඩුලු 8කින් ඉන්දියාව ජයගත් අතර මීළඟ තරගය එළඹෙන සිකුරාදා (09) රන්චි හීදී පැවැත්වීමට නියමිතයි.,