2028 ඔලිම්පික් උළෙලේදී ශ්රී ලංකාවට ප්රථම ඔලිම්පික් රන් පදක්කම දිනා දීම සඳහා සැරසෙන හෙල්ල විසි කිරීමේ අංක එකේ ක්රීඩක රුමේෂ් තරංගගේ නිල පෝෂණ සහ සෞඛ්ය සහකරු (Nutritional & Wellness Partner) ලෙස CIC Holdings සමාගම එක්වී ඇත.
රුමේෂ් 2026 වසරේදී රෝමයේදී මීටර් 92.62 ක ජාතික වාර්තාවක් පිහිටුවූ අතර, ඩයමන්ඩ් ලීග් තරගාවලිය, ලෝක මලල ක්රීඩා උළෙල සහ ආසියානු ක්රීඩා උළෙලේදී රන් පදක්කම් දිනා ගනිමින් අති විශිෂ්ට දක්ෂතා දැක්වූවා.
මෙම ගිවිසුම හරහා ඉදිරි වසර හතර තුළ රුමේෂ්ගේ පෝෂණය, සෞඛ්යය සහ පුහුණුවීම් සඳහා අවශ්ය පූර්ණ සහාය CIC සමාගම විසින් ලබා දෙනු ඇත.