බංග්ලාදේශය, ශ්රී ලංකාව හා පාකිස්තාන් කාන්තා 19න් පහළ කණ්ඩායම් අතර පැවති තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අද ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා ක්රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ට ලකුණු 158ක් ලබාගත්තා.
ආරම්භක පිතුකරු සංජනා කාවින්දි ශ්රී ලංකාව වෙනුවෙන් ලකුණු 64ක් ලබාගත් අතර විමෝක්ෂා බාලසූරිය, නෙත්මි උපේක්ෂා හා උමයන්ගනා පීරිස් පිළිවෙලින් ලකුණු 23ක්, 22ක් හා ලකුණු 28ක් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 154ක් පමණයි.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සාදියා ඉස්ලාම් ලකුණු 59ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී චමෝදි හේරත් හා චමුදි ප්රභෝදා කඩුලු 2 බැගින් දවාගත් අතර ධනෝද්යා සෙව්වන්දි එක් කඩුල්ලක් ලබාගත්තා.
මෙම අවසන් තරගයේ හා තරගවලියේ හොදම ක්රීඩිකාව ලෙස සංජනා කාවින්දි නම් කෙරුණා.