සඳුදා, ඔක්. 19, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    අබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංකට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 19, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර ආරම්භ වූ තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 37කින් ජයගැනීමට සමත් වුණේ පාකිස්තානය යි.

රාවල්පිණ්ඩි ක්‍රීඩා පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පලමුවෙන් පන්දු රැකිම තෝරාගත්තා.

ඒ අනුව ඉනිම ආරම්භ කළ පාකිස්තාන් ආරම්භක පිතිකරුවන් වන ෆකාර් සමාන් හා සයීම් අයූබ් පලමු කඩුල්ලට ලකුණු 23ක සබදතාවයක් ගොඩානගා තිබියදී අයූබ් දවාගැනීමට දිල්ශාන් මධුසංක සමත් වූ අතර මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 32ක්ව තිබියදී ෆකාර් සමාන්ගේ කඩුල්ලද දවාගැනීමට ඔහු සමත් වුණා.

ඉන්පසු තුන්වන කඩුල්ලට බාබර් අසාම් හා නවක ක්‍රීඩක සාද් බේග් ලකුණු 74ක සබදතාවයක් ගොඩනැගූ අතර පාකිස්තාන් ඉනිමේ තීරණාත්මක සබදතාවය ලෙස පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැගීමට සල්මන් අලී අගා හා හසන් නවාස් සමත් වුණා.

සිය සිව්වන එක්දින ශතකය වාර්තා කරමින් සල්මාන් අගා පන්දු 90ට ලකුණු 107ක් ලබාගැනීමට සමත් වුණා.

ඊට අමතරව බාබර් අසාම් ලකුණු 45ක් හා සාද් බේග් ලකුණු 39ක් ලබාගත්තා.

cricinfo.com

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවිම සඳහා නිත්‍ය පන්දු යවන්නන් සිව් දෙනෙකු ක්‍රීඩා කළා. ඒ අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුසංක, එෂාන් මාලිංග හා සචිඳු කොලඹගේ යි. ඒ අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් හට තවත් පන්දුවාර 10ක් යැවීම සඳහා අර්ධ කාලීන පන්දු යවන්නන් යොදා ගැනීමට සිදු වූ අතර එම පන්දු වාර 10ට ලකුණු 68ක් ලබාගැනීමට පාකිස්තාන් පිතිකරුවන් සමත් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් පාකිස්තාන් ඉණිම අවසන් පන්දුවාර පහේදී තමන්ගේ ග්‍රහණයට නතුකරගැනීමට සමත් වෙමින් ලකුණු 26ට කඩුලු 5ක් දවාගෙන පාකිස්තාන් කණ්ඩායමේ සියලු කඩුලු තවත් එක් පන්දුවක් ඉතිරිව තිබියදී දවාගැනීමට සමත් වුණා.

cricinfo.com

ඒ අනුව පාකිස්තාන් කණ්ඩායම සිය ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 305ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 306ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් හට, පාකිස්තාන් වේග පන්දු යවන්නන්ගේ දෝලනය හමුවේ, ලබාගැනිමට හැකිවුණේ මන්දගාමි ආරම්භයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පවර් ප්ලේ පන්දුවාර 10ට ලබාගත්තේ කඩුලු 1ට ලකුණු 42ක් පමණයි.

ශ්‍රී ලංකාව අතින් ගිලිහී යමින් තිබූ තරගය නැවත සිය ග්‍රහණයට ගැනීමට පවන් රත්නායක හා ජනිත් ලියනගේ පස්වන කඩුල්ලට ලබාගත් ලකුණු 119ක සබඳතාවය හේතු වුණා.

එහිදී පවන් රත්නායක ලකුණු 79ක් හා ජනිත් ලියනගේ ලකුණු 60ක් ලබාගත්තා.

cricinfo.com

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 10 මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ඈත් කළා. අවසන් පන්දුවාර 10දී ලකුණු 44ට කඩුලු 5ක් දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ 49වන පන්දුවාරයේදී සියලු කඩුලු 268ට දැවී ගිය අතර පාකිස්තානයට ලකුණු 37ක ජයක් හිමි වුණා.

cricinfo.com

ඒ අනුව මෙම තුන්කොන් තරගාවලියේ පෙරමුණ ගැනීමට සත්කාරක පාකිස්තාන් කණ්ඩායම සමත් වුණා.

හෙට දිනයේදී (20) පාකිස්තානය හා එංගලන්තය තරග වැදීමට සූදානම් අතර ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය එළඹෙන 22 දා පැවැත්වීමට සූදානම්.

TAGGED:ODISri Lanka vs Pakistan
පෙර ලිපිය ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයක්

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
Kusal Mendis
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටනස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?